ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්වුණා.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට සුබ පැතුම් එක් කළ කථානායකවරයා, ශ්‍රී ලංකාව සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සියලු ආධාර පිළිබඳව තමන් කෘතවේදී වන බවයි කථානායකවරයා පැවසුවේ.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ, කාලය පිළිබඳ මතකයන් සිහිපත් කළ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, පෙර පැවති තත්ත්වයට වඩා වත්මන් තත්ත්වයේ දැවැන්ත වෙනස්කම් නිරීක්ෂණය කිරීමට තමන්ට හැකි වූ බව සඳහන් කළා. දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවයි මහ කොමසාරිස්වරයා කියාසිටියේ.

ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ සාර්ථකත්වය සහ ඉන් ඉන්දියාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා දීර්ඝ කරුණු පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ආයෝජන සිදුකිරීමට ඉන්දියාව සූදානම් බවත් එමගින් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බව ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්‍ෂේත්‍රය දියුණු කිරීමට සහය වන ලෙසට කථානායකවරයා මෙහිදී නව මහ කොමසාරිස්වරගෙන් ඉල්ලා සිටි අතර පසුගිය දා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දියාවේ යටිතල පහසුකම්වල ශීඝ්‍ර සංවර්ධනය දැක බලා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළා. එමෙන්ම මේ වන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ කථානායකවරයා ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ සහභාගිත්වය ඉහළ නැංවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ද කරුණු පැහැදිළි කර තිබෙනවා.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් වැඩි කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බවයි මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31