spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ධීවරයන් 13ක් සමග යාත්‍රා දෙකක් මාලදිවයින් අත්අඩංගුවේ

මාලදිවයින් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කිරීමේ චෝදනා මත මෙරට ධීවර යාත්‍රා දෙකක් සමග ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය (MNDF) සඳහන් කළේ මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් සිකුරාදා අත්අඩංගුවට ගත් බවයි.

MNDF හි උතුරු ප්‍රදේශයේ අණදෙන වෙරළාරක්ෂක පළමු බලඝණය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

ධීවර යාත්‍රා දෙකෙන් එකක ශ්‍රී ලංකා ධීවරයන් හත් දෙනෙකු සිටි අතර අනෙක් යාත්‍රාවේ හය දෙනෙකු සිට ඇතැයි සඳහන්.

මාලදිවයින් උතුරු ප්‍රදේශයේ අණදෙන වෙරළාරක්ෂක පළමු බලඝණයේ වෙරළාරක්ෂක නෞකාව වන “නූරාඩීන්” හි අධීක්ෂණය යටතේ ධීවර බෝට්ටු දෙක දැනට Filladhoo දූපතේ රඳවා තිබෙනවා.

MNDF විසින් මේ වන විට ධීවර බෝට්ටු දෙක මාලේ වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටින අතර එහිදී ඒවා මාලදිවයිනේ පොලිස් සේවයට (MPS) භාර දීමට නියමිතයි.

මාලදිවයිනේ පුවත් සේවා සඳහන් කර ඇත්තේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම මාලදිවයින් මුහුදේ බහුලව දක්නට ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?