ශ්‍රී ලංකාවේ ධීවරයන් 13ක් සමග යාත්‍රා දෙකක් මාලදිවයින් අත්අඩංගුවේ

මාලදිවයින් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කිරීමේ චෝදනා මත මෙරට ධීවර යාත්‍රා දෙකක් සමග ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය (MNDF) සඳහන් කළේ මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් සිකුරාදා අත්අඩංගුවට ගත් බවයි.

MNDF හි උතුරු ප්‍රදේශයේ අණදෙන වෙරළාරක්ෂක පළමු බලඝණය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

ධීවර යාත්‍රා දෙකෙන් එකක ශ්‍රී ලංකා ධීවරයන් හත් දෙනෙකු සිටි අතර අනෙක් යාත්‍රාවේ හය දෙනෙකු සිට ඇතැයි සඳහන්.

මාලදිවයින් උතුරු ප්‍රදේශයේ අණදෙන වෙරළාරක්ෂක පළමු බලඝණයේ වෙරළාරක්ෂක නෞකාව වන “නූරාඩීන්” හි අධීක්ෂණය යටතේ ධීවර බෝට්ටු දෙක දැනට Filladhoo දූපතේ රඳවා තිබෙනවා.

MNDF විසින් මේ වන විට ධීවර බෝට්ටු දෙක මාලේ වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටින අතර එහිදී ඒවා මාලදිවයිනේ පොලිස් සේවයට (MPS) භාර දීමට නියමිතයි.

මාලදිවයිනේ පුවත් සේවා සඳහන් කර ඇත්තේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම මාලදිවයින් මුහුදේ බහුලව දක්නට ලැබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46