ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් බිඳ වැටෙයි – බර වැඩිවුණු නිසා නැති වුණු රන් පදක්කම

මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් අද (07) පස්වරුවේ බොඳ ව ගියා.

ඒ හෙල්ල විසි කිරීමේ කාන්තා තරග ඉසව්වට එක් වූ නදීෂා දිල්හානි ලේකම්ගේ එම තරගාවලියේ අවසන් ස්ථානයට ඇදවැටීමත් සමගින්.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ කාන්තා තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ තරග වැදුණා.

ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.55ටයි.

නමුත් දිල්හානිගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇයට එම තරග ඉසව්වෙන් හිමි වූයේ 16 වැනි ස්ථානයයි.

ඇය අද දිනයේ දී වාර්තා කළ උපරිම දුර මීටර් 53.66ක් ලෙස සටහන් ව තිබුණා.

එම තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනකු සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර මෙවර ඔලිම්පික් තරගාවලියේ දී අසල්වාසී ඉන්දියාව කුමන අවස්ථාවක දී හෝ රන් පදක්කමක් දිනා ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයන්ගේ පවා අවධානය යොමු ව තිබූ කාරණයක් වුණා.

නමුත් ඉන්දියාවට තවමත් දිනාගත හැකි ව තිබුණේ ලෝකඩ පදක්කම් 03ක් පමණක් වන අතර අද දිනයේ දී ද ඔවුන්ගේ අපේක්ෂාවන් බිඳ වැටුණේ කාන්තා මල්ලව පොර තරග ඉසව්වේ අවසන් වටයේ තරගය නියෝජනය කළ සිය විනේෂ් ෆෝගාට් (Vinesh Phogat) තරගාවලියට නුසුදුස්සෙකු බවට ඔලිම්පික් විනිසුරු මණ්ඩලය තීරණය කිරීමත් සමගින්.

ඒ තරගයට ක්‍රීඩා කිරීම සඳහා පවත්වාගත යුතු ශරීරයේ බර මට්ටම වැඩිවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඇයගේ ශරීර බර ග්‍රෑම් 100කින් වැඩිවීම මතයි ඇයව මෙවර ඔලිම්පික් මල්ලව පොර තරග ඉසව්වෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ.

මේ හේතුවෙන් ඇයට දිනා ගැනීමට තිබූ රන් පදක්කම ශරීරයේ බර ප්‍රමාණය වෙනස් වීමත් සමග අමෙරිකාවේ සාරා හිල්ඩෙබ්‍රෑන්ඩ් වෙත හිමිවුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද X සටහනක් තබා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විනේෂ්ගේ පරාජය ගැන පවසා ඇත්තේ මෙවැන්නක්;

” විනේෂ්; ඔබ ශූරයන් අතර ශූරයෙක්. ඔබ ඉන්දියාවේ අභිමානය සහ සෑම ඉන්දියානුවෙක්ට ම සතුටක්. අද සිදු වූ පසුබෑම රිදෙනවා..මා අත්විඳින බලාපොරොත්තු සුන්වීමේ වේදනාව වචනවලින් ප්‍රකාශ කළ හැකියි. නමුත් ඔරොත්තු දී දරාගනිමින් නැවතත් ශක්තිමත් ව පැමිණෙන්න. අපි සියල්ල ම ඔබ වෙනුවෙන් බලා සිටින්නෙමු…” යන්නයි.

එමෙන්ම මේ වනවිට ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ රැඳෙන්නට අමෙරිකාව සමත් ව සිටිනවා.

ඒ රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් 31 බැගින් දිනා මුළු පදක්කම් 86ක් තමන් සතු කරගනිමින්.

දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09