ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එරට මුදල් ඇමති හමුවෙයි

ජපානයේ මුදල් අමාත්‍ය ෂුන්ඉචි සුසුකි‌‌ (Shun’ichi Suzuki) මහතාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයට පෙර එරට ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා මුදල් අමාත්‍යවරයා හමුවී තිබෙනවා.

තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණේ ටෝකියෝ හි මුදල් අමාත්‍යාංශයේදී යි.

එම සාකච්ඡාවේදී, ජපාන මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු සමඟ ජනවාරි මස 11 සහ 12 දෙදින තුල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට යන බව නිවේදනය කරනු ලැබුවා.

මීට මාසයකට පමණ පෙර ජපාන අධිරාජ්‍යයා සහ බිසව විසින් අධිරාජ්‍ය මාලිගා උද්‍යානයේදී පවත්වන ලද උත්සවයක් අතරතුර තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සිදුවූ කෙටි සාකච්ඡාවක් මෙම විධිමත් හමුවීමට හේතු වී තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා හමුවීමට අවස්ථාව ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර තලයේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තට මුලපිරීමට සහාය දැක්වීමේ ප්‍රයත්නයන් සඳහා ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජපාන නියෝජිත පිරිසගේ නිල සංචාරය වෙනුවෙන් අමාත්‍ය සුසුකි සහ ඔහුගේ කණ්ඩායම වෙත තානාපතිවරයා සුබ පැතුම් ද එක් කරනු ලැබුවා.

ජපානයේ පළපුරුද්ද සහ රජයේ මෙන්ම ආයතනික යන දෙඅංශයෙහිම විශේෂඥභාවය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ කර්මාන්ත නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව ද තානාපති පෙරේරා එහිදී අවධාරණය කළා.

ජපාන මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගීතා ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති.

අමාත්‍ය සුසුකි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතයි.

වසර 10කට අධික කාලයකට පසුව සිදුවන ජපාන මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව යළි පණ ගැන්වීමේ ක්‍රම පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශන අඛණ්ඩව සිදු කිරීමට ද හේතු වනු ඇතැයි අපේක්ෂිතයි.

පසුගිය මාස 8 තුළ ප්‍රධාන පෙලේ සංචාර කිහිපයක් සිදු වූ අතර එය විවිධ අංශයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මග පාදනු ඇති.

2023 වසරේ මැයි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ටෝකියෝ සංචාරයෙන් පසුව, ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි 2023 වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි අතර, වසර හතරකට වැඩි කාලයකට පසු ජපානයෙන් සිදු වූ පළමු ඉහළ මට්ටමේ නිළ සංචාරය ද එයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37