ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය 30%කින් ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කාන්තාවන් ගණිකා වෘත්තියට නැඹුරුවීමේ වැඩිවීමක් දක්නට ඇති බව ඒ.එන්.අයි පුවත් වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් තාවකාලික ගණිකා මඩම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වී ඇති බවයි එම පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

රටේ පවතින මෙම අර්බුදය හමුවේ මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතා සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බවත්, එමෙන්ම රටේ වත්මන් තත්ත්වය විසින් ගෙන එන ලද දුෂ්කරතා බොහෝ පවුල් අන්තයටම තල්ලු කර ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලය සමඟ තම නිවෙස් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර, මෙම භයානක තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට කාන්තාවන් තල්ලු කර ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ 30%ක පමණ වැඩි වීමක් දක්නට ලැබෙන බව එම වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

  1. මොන පදනමිනද, මොන සමික්ශ්නයෙන්ද? මෙහෙම කියංනෙ30% වර්ධනය කියන එක නිර්ණය කරපු ක්‍රමවේදය පදනම කුමක්ද? එවන් කිසිම දෙයක් නොමැතිව මෙවැනි ව්‍යාජ පුවත් ජාත්‍යන්තර මාධ්‍ය අපේ රටට මඩ ගැසීමට ප්‍රචාරය කරමින් යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38