spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය 30%කින් ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කාන්තාවන් ගණිකා වෘත්තියට නැඹුරුවීමේ වැඩිවීමක් දක්නට ඇති බව ඒ.එන්.අයි පුවත් වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් තාවකාලික ගණිකා මඩම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වී ඇති බවයි එම පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

රටේ පවතින මෙම අර්බුදය හමුවේ මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතා සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බවත්, එමෙන්ම රටේ වත්මන් තත්ත්වය විසින් ගෙන එන ලද දුෂ්කරතා බොහෝ පවුල් අන්තයටම තල්ලු කර ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලය සමඟ තම නිවෙස් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර, මෙම භයානක තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට කාන්තාවන් තල්ලු කර ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ 30%ක පමණ වැඩි වීමක් දක්නට ලැබෙන බව එම වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?