spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම අරමුණු කරගෙන සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙරට ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, මෙරට සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ඇතුළුව නවසීලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවයි නවසීලන්ත මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පවත්වා ගැනීමට ද කටයුතු කරනු ලබන බව මහකොමසාරිස්වරයා සඳහන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?