ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම් (ඡායාරූප)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමු වී සාකච්ඡා පැවැත්වූවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළ බවයි.

වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කෙරුණා.

වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකක්.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

Vingroup meeting 4
Vingroup meeting 3
Vingroup meeting 2
Vingroup meeting 1
President Anura Kumara Dissanayake of the Democratic Socialist Republic of Sri Lanka and his delegation visited Vingroup and held a meeting on the evening of May 4 2025
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23