ශ්‍රී ලංකාවෙන් හමුවූ ලොව ලොකුම මැණික් පොකුරේ බොරුව හෙළිවේ

මෙරටින් හමුවූ බව කියූ ලොව විශාලතම මැණික් ගල අසත්‍යයක් බවට කෝප් කමිටුවේදී හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර ලෙස පවසමින් මැණික් ව්‍යාපාරිකයකු විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පාෂාණය සම්බන්ධව එම අධිකාරියේ නිලධාරීන් කටයුතු කළ ආකාරය වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බවටයි කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ.

මෙවැනි පාෂාණ ඕනෑ තරම් හමුවන බැවින් වෘත්තීය මට්ටමේ නිලධාරීන් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී මීට වඩා වගකීමකින් එය කළ යුතු බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

එහිදී කෝප් සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූවේ මෙවැනි බොරුවක් කිරීම මගින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ද බාල්දුවට ලක්වූ බවයි.

එක් අවස්ථාවකදී මෙම පාෂාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් යනුවෙන් තක්සේරු කළ මෙම පාෂාණය හිමිකරු පසුව එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 10,700ට අඩු කර ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙවැනි අසත්‍යයක් සිදු කළේ තමාගේ සභාපති ධුර කාලයේදී වටිනාම මැණික් පොකුරක් හමුවූ බවට පැවසීමට එවකට මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ සභාපතිවරයාව සිටි පුද්ගලයාට ආශාවක් තිබීම හේතුවෙන් බවයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙය තම අධිකාරියට හිමිකරු ලබා දුන්නේ තක්සේරු කිරීමට වන අතර එම පුද්ගලයා තම අධිකාරියේ බලපත් ලාභී පුද්ගලයෙක් බවයි.

අදාළ පාෂාණයේ මෙහි බර කිලෝ ග්‍රෑම් 510ක් බවටයි ප්‍රකාශ කෙරුණේ. එය රසායනාගාර පරීක්ෂාව සඳහා විදේශකයට යැවූ බව ද නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම මැණික් පොකුර ඔප දැමිය නොහැකි බවත් එය ලොව හමුවූ විශාලතම මැණික් පොකුර ලෙසට ගිනස් පොතට එක්වී ද ඇති බව ද ඔවුන් පෙන්වා දුන්නා .

එබැවින් එහි මිල සම්බන්ධයෙන් තක්සේරුවක් දිය නොහැකි බවත් දැන් එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බවත් මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටින් හමු වූ ලොව විශාලම මැණික් පොකුර යළි මෙරටට රැගෙන විත් ඇති බවටයි පසුගියදා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ.

එම මැණික අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගිය නමුත් එය අලෙවි නොවූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
63
+1
3
+1
4
+1
2
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04