ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය භාණ්ඩ භාරදෙන්න ලන්දේසි දූත පිරිසක් යළි දිවයිනට

මේ වසර අගදී ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන සංස්කෘතික කෞතුක භාණ්ඩ පැවරීම සඳහා නීතිමය ලියවිල්ලකට අත්සන් කිරීම සඳහා නෙදර්ලන්ත සංස්කෘතික නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලු මහතා ප්‍රමුඛ දූත පිරිස ලබන 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වන්නේ යළි ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහායි.

හිමිකාරිත්වය නීත්‍යානුකූලව පැවරීමට අදාළ ලිපි ලේඛණවලට ලබන සඳුදා (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

සුප්‍රසිද්ධ ලෙව්කේගේ කාලතුවක්කුවක්, රන් කස්තාන දෙකක් (උත්සව අසිපත), සිංගාල පිහි, රිදී කස්තාන් සහ තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන කෞතුක භාණ්ඩ අතර වන බව සඳහන්.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණෙන නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට ද නියමිතයි.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික වටිනාකමකින් යුත් ස්ථාන සහ ලන්දේසි යුගයේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

SL Artifacts Netherlands 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01