ශ්‍රී ලංකාවට සහාය දෙන බව ලෝක බැංකු උප සභාපති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට, තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රකෘතිමත් වීමේ මාවතක් සැකසීමට ලෝක බැංකු සමූහය අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර් යළි තහවුරු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශ කළේ පෙබරවාරි 28 වැනි දින සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව මාටින් රයිසර් මෙම සහතිකය ලබා දුන් බවයි.

රයිසර් සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ සාමාජිකයින් ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන සහ විද්වතුන් හමුවී තිබෙනවා.

“රටට බලපාන සාර්ව හා ණය අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. අර්බුදයේ ගැඹුර ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බව පැහැදිලි කර ඇත, නමුත් මේ සඳහා රජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩි විශ්වාසයක් සහ අවබෝධයක් අවශ්‍ය බවයි මාටින් රයිසර් ප්‍රකාශ කර ඇත්තේ.

ලෝක බැංකු ප්‍රකාශය මගින් වැඩිදුරටත් සඳහන් කළේ, ශක්තිමත් ආයතනික සහ මූල්‍ය අධීක්ෂණය සහ යහපත් ණය කළමනාකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පාලනය පරිවර්තනය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය රයිසර් මෙම සංචාරයේදී සාකච්ඡා කළ බවයි. ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබා ගැනීම සහ තිරසාරව පවත්වා ගැනීම සඳහා වැඩි විනිවිදභාවයක්, වැඩිදියුණු කළ පාලනයක්, රැකියා උත්පාදනය සඳහා සහාය මෙන්ම දුප්පතුන් සඳහා වඩා හොඳ ඉලක්කගත ආරක්ෂාවක් ඉතා වැදගත් බව ඔහු අවධාරණය කර තිබෙනවා.

රයිසර් උතුරු මැද සහ වයඹ පළාත්වලට ගොස් සෞඛ්‍ය හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ලෝක බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ පුළුල් පරාසයක පාර්ශවකරුවන් හමුවීමට ද කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වූ පළමු කණ්ඩායම් අතර ලෝක බැංකුව ද වනවා. ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ව්‍යාපෘතිවලින් ඩොලර් මිලියන 325ක් නැවත ලබා දීමට ඔවුන් පියවර ගනු ලැබුවා. දෙසැම්බර් මාසයේදී බැංකුව ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ද අනුමත කළා. අඩු පොලී අනුපාත යටතේ පිරිනමනු ලබන මෙවැනි ණය, ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දරිද්‍රතාවයට හා කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට රජය විසින් මෙහෙයවන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රටට හැකි වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

ලෝක බැංකු සමූහය විසින් ඉදිරි වසර හතර සඳහා (2023-2026) පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් රැකියා උත්පාදනය, මානව සහ ස්වභාවික ප්‍රාග්ධනය සංරක්ෂණය සහ ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව රටක හවුල්කාරිත්ව රාමුවක් සකස් කිරීම ආරම්භ කර ඇති බව ලෝක බැංකු ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40