spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ලබාදුන් සහල් ගැන චීන තානාපති කාර්යාලයෙන් පණිවුඩයක්

ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10000 ලබාදී අවසන් බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

එහි අවසන් තොගය වන සහල් මෙට්‍රික් ටොන් දහසක් රැගත් නෞකාව ඊයේ (19) කොළඹ වරායට ළගාවී ඇති බවයි තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකික ජනතාවගේ පෝෂණයට සහ පාසල් 7,900ක සිසුන් මිලියනයකට අධික සංඛ්‍යාවකගේ අධ්‍යයන කටයුතු සඳහා ස්ථිරව සහයෝගය ලබා දී ඇති බවයි එම ට්විටර් සටහනේ දැක්වෙන්නේ.

China New
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?