ශ්‍රී ලංකාවට ලකුණු 97ක ඉලක්කයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 97ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමිවූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවුණා.

පළමු අවස්ථාවේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබාදී තීරණය කිරීමෙන් අනතුරුවයි.

එහෙත් සුලු වේලාවකින් යළිත් වැසි පතිත වීම හමුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවා. පසුව රාත්‍රී 8ට යළි තරගය ආරම්භ කළේ එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණයත් සමගයි.

සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 96ක් පමණයි.

Joylord Gumbie ලකුණු 41ක් රැස් කළා. සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම දැවී ගියේ ලකුණු 10ට අඩුවෙන් ලබා සිටියදීයි. ක්‍රීඩකයන් දෙදෙනෙක් කිසිදු ලකුණක් නොලබාම පිටියෙන් ඉවත්වුණා.

වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා. වනිඳු හසරංගගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම කඩුලු දවා ගැනීම ලෙසට සැලකෙන්නේ ද මෙයයි.

ජනිත් ලියනගේ මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුෂංක එක් කඩුල්ල බැගින් දවාගත්තා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22