ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂ අතිරික්තයක් පවතින බව හෙළිවෙයි

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය වී තිබෙනවා.

“GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරමිනුයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම කරුණු කාරක සභාව වෙත අනාවරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් විසින් GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතාවල වත්මන් තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කළ අතර මේ පිළිබඳව කමිටුව තුල දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ජා වුයේ නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි. එහිදී තරුණ නියෝජිතයින්ටට සිය ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුව අවස්ථාව ලබා දෙනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මිනිරන් සහ අනෙකුත් ඛනිජ සම්පත්වලින් ආශිර්වාද ලත් රටක් වුව ද, එම ඛණිජ සම්පත් එකතු කළ අගයකින් යුත් නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේදී අඩු කාර්ය සාධනයක් සහිත මට්ටමක පවතින බවයි කාරක සභාවට සහභාගී වූ තරුණ නියෝජිතයන් ප්‍රකාශ කළේ.

මෙහිදී තරුණ නියෝජිතයින් පෙන්වා දුන්නේ බෝගල මිනිරන් පතල, කහටගහ පතල, රාගෙදර පතල සහ තවත් පතල් ශ්‍රී ලංකාව තුළ තිබුන ද, එහිදී අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමක් සිදු නොවන බවත්, සෘජු පතල් කැණීම් සහ අපනයනය මත පදනම් වූ වෙළඳපොළක් පමණක් පවතින බවයි.

ඊට පිළිතුරු දුන් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නැනෝතාක්‍ෂණ ආයතනය (SLINTEC) සමඟ සමීපව කටයුතු කරන බවත්, දකුණු කොරියානු සහ ජපාන තාක්ෂණ සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලා මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවයි. අපේක්ෂිත සංවර්ධනයක් නොපෙන්වුව ද, වෙළඳපොළක් ඇති කිරීම සඳහා කර්මාන්ත සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සඳහා අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් ‘තනි කවුළු මෙහෙයුම් පද්ධතියේ පවතින තත්ත්වය වඩා විධිමත් කළ යුතු බවයි කමිටුවේ අදහස වූයේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජකයෙකු අනුමත කිරීමට පෙර, ඊට අදාළ අනුමැතින් විශාල ප්‍රමාණයක් ලබා ගත යුතු බව කමිටුව පෙන්වා දුන් අතර කලාපකරණය අනුව අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සලකා බැලිය යුතු බව පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ‘තනි කවුළු ක්‍රමය’බලාපොරොත්තු වූ ලෙස සාර්ථක නොවීමට හේතුව නිලධාරීන්ගේ හෝ රජයේ අකාර්යක්ෂමතාව නොව, නෛතික රාමුව තුළ යම් පවත්නා හිඩැස් බවයි කමිටුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ. ඒ අනුව ඇතැම් නීති නැවත සමාලෝචනය කර සංශෝධනය කළ යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අදහස වුණා.

නිෂ්පාදන පිරිවැය සහ විවිධ නිෂ්පාදන අපනයනය කිරීමට අදාළ තාක්ෂණික ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කමිටුව වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ දේශීය වෙළෙඳපොළ තුළ පවා ඇතැම් නිෂ්පාදන සඳහා ඉල්ලුමක් පවතින නමුත් සැපයුම් දාමයේ අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම විශාල ගැටළුවක් බවයි. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම හේතුවෙන් මිල වැඩි වන අතර මේ හේතුවෙන් ගැනුම්කරුවන් අහිමි වන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙහිදී නිලධාරීන්ට, කමිටුව විසින් පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැය අධික වීම ගැටලුකාරී තත්වයක් බවත්, මෙම ගැටලුව විසඳීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව නිලධාරීන් සොයා බැලිය යුතු බවයි.

විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල පවතින සේවක හිඟය සඳහා ස්ථිර පිළියම් යොදන තෙක් ස්වේච්ඡා පදනමින් සිය සේවය ලබා දීමට කැමති අයවළුන් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභවේ සභාපති විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සේවයේ නියුතු අදාළ නිලධාරීන්ගේ පුළුල් මැදිහත් වීමක වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ කාරක සභාව ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසටයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූ අතර ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනුයුක්ත තරුණ නියෝජිතයන් කිහිප දෙනෙක් ද මෙම රැස්වීමට එහි සභාපතිවරයාගේ ආරාධනය පරිදි සහභාගී වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18