ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගේන මහ මොළකරුවෙක් අල්ලයි (වීඩියෝ)

මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජාවරමක මහ මොළ කරුවෙකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ චෙන්නායි නුවරදී.

උදය කුමාර් නමැති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන ඉන්දීයාවේ චෙන්නාහීදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

මෙම සැකකරු ශ්‍රී ලංකාවට මෙතම්ෆෙටමින් නැමැති මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ බවට සැක පිට ප්‍රශ්න කිරීම සඳහා ඔහු කැඳවා ඇති අතර එහිදී ඔහු සන්තයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් අත්අඩංගුව ගෙන තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියා සිටියේ මෙම නඩුවේ පසු විපරම සිදු කිරීමේදී මධ්‍යම මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන ඒජන්සිය විසින් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරම්බූර්හි අක්බර් අලි නම් එම සැකකරු සැඟවී සිටි ස්ථානයක සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 54 ක් අත්අඩංගුවට ගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මියන්මාරයේ සිට මනිපූර්හි මෝරේ හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා රැගෙන ආ ඒවා බවට විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සදහා වන යුක්තිය මෙහෙයුම 7 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

යුක්තිය වැඩසටහන යටතේ වැලිගම වෙරළ තීරය ආශ්‍රිතව පවත්වාගෙන යන සෆ් ක්‍රීඩා මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම අද සිදු කෙරුණා.

මෙම විශේෂ පරීක්ෂාව සදහා පුපුරන ද්‍රව්‍ය වැටලීම් සඳහා යොදා ගන්නා පොලිස් සුනඛ නොබා සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා යොදාගන්නා රොකි යන පොලිස් සුනඛයා ද යොදා ගැනුණා.

වේයන්ගොඩ පොලිසිය විසින් පට්ටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැදින්වෙන හැට්ටයා යන අයට අයත්ව තිබූ කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබූ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට වාහන පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

මෙම මෙහෙයුමට අදාළව හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 670ක් හා පිල් වර්ගයේ නීති විරෝධී මත්පෙති 45ක් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපාය ගන්න ලද බව කියන සුඛෝපභෝගී ජීප් රථයක්, යතුරු පැදියක් සහ සැකකරු සතු නිවාස 04ක් ද එහිදී පොලිස් භාරයට ගැනුනා.

සැකකරු 2006 වසරේ සිට මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දෙමටගොඩ චමින්ද සහ එස් එෆ් සරත් නමැති ජාවාරම්කරු සමඟ මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

මේ අතර ගම්පහ කටාන ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගත් මුදලින් මිලදී ගති බවට සැක කෙරෙන සුකෝපභෝගි දෙමහල් නිවසක් සහ මිලියන 10කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථයක් ඇතුළු භාන්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස්වලට අනුවයි.

ඊයේ දිනයේ දියත් කෙරුණු විශේෂ මෙහෙයුම් යටතේ සැකකරුවන් 1676 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 112 චෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත විමර්ශන සිදු කෙරෙන බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර තමන් පොලිසිය භාර අමාත්‍යවරයාව සිටි සමයේදී අණබෙර ගසමින් වැටලීම් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
18
+1
6
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්තවය මෙන්න
01:41
Video thumbnail
වැඩේ හරියට කරන්න බැරිනම් ගෙදර යන්න - ඇමති විදියට පළවෙනි පාරට බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ ?
09:56
Video thumbnail
හර්ෂණගේ කතාවට අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:13
Video thumbnail
සිරකරුවන් වෙන්න පුළුවන් එයාලා ඉන්නේ රාජ්‍ය භාරයේ - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51