spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට පාපන්දු තරග අහිමි වෙයි

ඉදිරි ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් නොලබන බව පාපන්දු පාලක මණ්ඩලය වන ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (FFSL) දන්වා තිබෙනවා.

ලෝක පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් පාපන්දු තරඟාවලිය 2024, ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟ සහ AFC U23 Asian Cup Qatar 2024 සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට සුදුසුකම් නොලබන බවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ නිර්ණායක මග හැරී ඇති බවයි FIFA වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පසුගිය ජනවාරි 21 වන දින පාපන්දු සඳහා වන ජාත්‍යන්තර පාලක මණ්ඩලය වන FIFA විසින් සම්බාධක පනවනු ලැබුවා.

ජනවාරි 14 වන දින පැවති ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය ශ්‍රී ලංකා බලධාරීන් එකඟ වූ ක්‍රමවේදවලින් බැහැරව ගොස් තිබීම මෙන්ම ඔලිම්පික් කමිටුව සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් තෙවන පාර්ශවවල මැදිහත්වීම් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට එම තහනම ඉවත් කරන තුරු ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීමට තවදුරටත් අයිතියක් හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?