ශ්‍රී ලංකාවට පාපන්දු තරග අහිමි වෙයි

ඉදිරි ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් නොලබන බව පාපන්දු පාලක මණ්ඩලය වන ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (FFSL) දන්වා තිබෙනවා.

ලෝක පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් පාපන්දු තරඟාවලිය 2024, ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟ සහ AFC U23 Asian Cup Qatar 2024 සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට සුදුසුකම් නොලබන බවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ නිර්ණායක මග හැරී ඇති බවයි FIFA වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පසුගිය ජනවාරි 21 වන දින පාපන්දු සඳහා වන ජාත්‍යන්තර පාලක මණ්ඩලය වන FIFA විසින් සම්බාධක පනවනු ලැබුවා.

ජනවාරි 14 වන දින පැවති ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය ශ්‍රී ලංකා බලධාරීන් එකඟ වූ ක්‍රමවේදවලින් බැහැරව ගොස් තිබීම මෙන්ම ඔලිම්පික් කමිටුව සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් තෙවන පාර්ශවවල මැදිහත්වීම් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට එම තහනම ඉවත් කරන තුරු ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීමට තවදුරටත් අයිතියක් හිමිවන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16