ශ්‍රී ලංකාවට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක්

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියා සහ බෙලාරුසියා ප්‍රවාහන විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව මෙම ප්‍රවාහන විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටයි අවදානය යොමුව ඇත්තේ.

එම රටවල විශ්වවිද්‍යාල බලධාරීන් සමඟ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

රුසියාවේ සහ බෙලාරුසියා රාජ්‍යවල නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම සඳහා පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණය කර තිබෙනවා.

එම රාජ්‍යවල පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාලවල දේශීය මෙන්ම විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව විශ්වවිද්‍යාල බලධාරීන් පෙන්වා දී ඇති බව සඳහන්.

එමෙන්ම ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව කටයුතු කිරීම සඳහා දෙපාර්ශවයෙන්ම නියෝජනය වන ද්විපාර්ශික කමිටුවක් පිහිටුවීමට ද එකඟතාවය පළව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48