ශ්‍රී ලංකාවට නෑකම් කියන අයෙක් සිංගප්පූරු ජනපති පුටුවට

සිංගප්පූරු වැසියන් තම මීළඟ ජනාධිපතිවරයා ලෙස තර්මන් ෂන්මුගරත්නම් තෝරාගෙන තිබෙනවා.

තර්මන් ෂන්මුගරත්නම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් වීම විශේෂත්වයක්.

තර්මන් ෂන්මුගරත්නම්ගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනිය බවයි වාර්තා වන්නේ.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෂන්මුගරත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්.

66 හැවිරිදි වියේ පසුවන ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වැඳුණු අපේක්ෂකයින් දෙදෙනෙකු අභිබවා යමින් ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා.

මේ අතර අලුතින් තේරී පත් වූ සිංගප්පූරු නව ජනාධිපතිවරයා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ සුබ පැතුම් එක්කර තිබුණා.

ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ කල්පවත්නා බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරු ජනාධිපති ෂන්මුගරත්නම් සහ සිංගප්පූරු ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවයි
ඇමරිකා එක්සත් ජනපදය සිය සුබ පැතුම එක්කරමින් වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40