ශ්‍රී ලංකාවට දිගුකාලීන සහයෝගය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව යළි තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවත්, වසර ගණනාවක සිට ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් පවසනවා.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.

නව අධ්‍යක්ෂවරිය නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වාදීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදු කෙරුණා.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සතුට පළ කළා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙනසුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළා.

මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම් ද පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කරදීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මෙම තත්ත්වවලට මුහුණදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගවලට මුහුණදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පැවසුවා.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 වසරේ සිට මෙරට සිදුකරනු ලැබීමට සැලසුම් කර ඇති ආයෝජන, ලබා දීමට අපේක්ෂිත අයවැය සහාය සහ 2026 මැදභාගයේ දී සිදු කිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් සමාලෝචනය කෙරුණු අතර, තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම යළි තහවුරු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42