ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400*4 කාන්තා සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම තරුෂි කරුණාරත්න, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි ලක්ෂිමා නියෝජනය කළා.