spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට කොරියානු රැකියා අවස්ථා වැඩිපුර ලැබෙයි

මෙරට ජනතාවට කොරියාවේ රැකියා අවස්ථාවන් වැඩි කිරීමට මෙන්ම කොරියානු ආයෝජන වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එරට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව පැවසූවේ අද (06) දින ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළකරමින්.

මෙලෙස ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.

ශ්‍රී ලංකාව පසුගිය සමයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දුන් බවත් වර්තමානය වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?