ශ්‍රී ලංකාවට කාසියේ වාසිය – පළමුව පිතිකරණය තෝරා ගනියි (ඡායාරූප)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (13) පෙර දිනාගත්තා.

තරගය අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙස රන්ගිරි දඹුල්ලේ දී ආරම්භ වනු ඇති.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයට වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ජෙෆ්‍රි වැන්ඩර්සේ කැඳවා තිබෙනවා.

මේ වන තෙක් එක්දින තරග 102ක් දෙපිළ අතරම පවත්වා ඇති අතර එහි වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයයි.

ඔවුන් එක්දින තරග 52ක් දිනා ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 41ක් පමණයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලි ජයක් 17 වරක් හිමිකරගෙන තිබෙනවා.

නවසීලන්තය සිය මව්බිමේ දී එක්දින තරග ශ්‍රී ලංකාවට එරෙහිව 30ක් ජයගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30