spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය තෙවන එක්දින තරඟය කඩුළු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 08ක් දැවී ලකුණු 313ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී අනගි ඉනිමක් දියත් කළ ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 162 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 2 කදී කඩුළු 6 ක් පමණක් දැවී අදාල ඉලක්කය පසුකර ගියා.

එහිදී චරිත් අසලංක ලකුණු 83 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී රශීඩ් කාන් කඩුළු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය චරිත් අසලංක හිමිවුණා.

තරඟාවලියේ වීරයා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඊබ්‍රාහිම් සද්රාන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?