සංචාරක ඉන්දීය කණ්ඩායම් සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
අද (15) උදෑසන කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව අද දිනය නිමාවන විටත් සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 288ක්.
ඉන්දීය කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි දෙව්දත් පඩික්කල් විසින් සිය අද (15) දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණා.
දිනය නිමා වන විට ඔහු නොදැවී ලකුණු 131ක් රැස්කර ගෙන සිටියා.
මේ අතර ඉන්දීය ආරම්භක පිතිඅක්රු කේ.එල්. රාහුල්ට තරගයේ තේ පානයෙන් අනතුරව ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියට ඉවත් වීමට සිදු වූ අතර ඔහු ඒ වන විට නොදැවී ලකුණු 77ක් රැස්කර ගෙන සිටියා.
ඒ අනුව තරගයේ පළමු දිනයේ වැඩි වාසිය අත්කරගත් ඉන්දීය කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 02ක් දැවී ගොස් ලකුණු 288ක් රැස්කර ගනිමින් ප්‍රබල තැනක පසුවුණා.













