ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222ක පරාජයක්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය හිමි වූයේ පාකිස්ථානයටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා පන්දු 48යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 166ක් පමණයි.

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 57ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Abrar Ahmed කඩුලු 4ක් සහ Naseem Shah කඩුලු 3ක් බිඳ හෙළුවා.

පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 134ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 576ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Abdullah Shafique ලකුණු 201ක් ලබා ගත්තා. Agha Salman නොදැවී ලකුණු 132යි.

සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 188කට දැවී ගියා.

තරගයේ අවසානය දක්වා සටන අත් නොහැරි Angelo Mathews නොදැවී ලකුණු 63ක් රැස් කරගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30