ශ්‍රී ලංකාවට අසියානු රග්බි සාමාජිකත්වය අහිමිවෙයි

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි විධායක කමිටුව තීරණය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් මගින් ආසියානු රග්බි විධායක කමිටුව පවසන්නේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව කළ දැනුම්දීමකින් අනතුරුව ඔවුන් එම තීරණය ගත් බවය.