ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනපතිගෙන් නැවතත් ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා ප්‍රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනුයි දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව පෙන්වා දී ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බවද දැනුම් දී තිබෙනවා.

සමුළුව නිමවා සිය රටට පැමණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන්.

තවද, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී තිබෙනවා.

පුළුල් ක්ෂේත්‍රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේ දීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කොරියානු ජනරජය ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය මැදිහත්වීම පුළුල් කරමින් සිටින අවස්ථාවක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඇති දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24