ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවෙන් ම විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයෙන් ලැබූ සුපිරි හිමිකම මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණඩ ප්‍රවාහනය කෙරෙන ශ්‍රී ලන්කන් කාගෝ, ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සඳහා වූ අවසරය, ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයෙන් (International Air Transport Association) (I.A.T.A.) දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය ලෙස හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මෙම බැටරි ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ජංගම ඉලෙක්ට්‍රොනික් උපකරණ, දුරස්ථ පාලක, සංචාරක උපකරණ සහ සෙල්ලම් බඩු ආදිය සඳහා භාවිතා කරන බවයි.

මෙම බැටරි මේ වනවිට ලොව පුරා භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙම අවසරය හිමි වීම ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ සුවිසල් ජයග්‍රහණයක් හිමි කර ගැනීමක් බවටත් වාර්තා වනවා.

මෙකී අවසරය ලබා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලන්කන් කාගෝ, ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයේ දැඩි පරීක්ෂණ සහ විගණන ක්‍රියාපටිපාටි රාශියක ඇගැයීමකට ලක් කිරීමෙන් අනතුරුව පිරිනමා ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලන්කන් කාගෝ ලෝකයේ රටවල් 21ක ඍජු ගමනාන්ත 30ක් කරා සතියක් තුළ පියාසර කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14