ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

2022 වසරේ මාර්තු 31 දින වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුලු පුවත් කිහිපයක් පිළිබඳව එම සමාගම කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙම වාර්තාවල දැක්වෙන අලාභයට, 2022 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රුපියල හදිසියේ අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත තක්සේරු කිරීමට සිදුවීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 142.6 ක විදේශ විනිමය අලාභයද ඇතුළත් බවයි එහි දැක්වෙන්නේ.

සත්‍ය වශයෙන්ම, විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට අනුව සහ විදේශ විනිමය අලාභය සිදුවීමට පෙර, ශ්‍රී ලංකන් සමූහය අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 1.7ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇතැයි එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරාම ගුවන් සේවාවන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී පැවති පසුබිමක් තුළ මෙය කැපීපෙනෙන ජයග්‍රහණයක් බවයි සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති COPE කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2023 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය නොකරන ලද ඩොලර් මූල්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 994ක ආදායමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 53ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇතැයි සඳහන්.

මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකන් සමූහයේ සමස්ත මෙහෙයුම් ලාභය ඇමරිකානු ඩොලර් මිලියන 104ක්.

කෙසේ වුවද සමූහයේ මූල්‍ය පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 101ක් වන අතර, ඒ අනුව ලාභය ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් බව සමාගම ප්‍රකාශ කළා.

මෙම අගයන් වසර අවසානයේදී සිදුකරනු ලබන ගිණුම් කටයුතුවලදී මඳ වශයෙන් වෙනස් වීමට ඉඩ ඇති නමුත්, ඇත්ත වශයෙන්ම දශකයකට ආසන්න ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රථම වරට ආදායම සහ වියදම සමතුලිත කිරීමට සමත් වූ බව නිවේදනයේ දැක්වෙනවා.

පසුගියදා පැවති COPE කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිතුමන් පැවසූ ආකාරයට, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයට කිසිදු බාහිර මුදල් සැපයුමක් ලැබී නොමැති අතර, සමාගම ක්‍රියාත්මක වනුයේ තමන්ගේම මුදල් ප්‍රවාහය භාවිතයෙන්.

ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ප්‍රමිතීන්ට අනුකූලව තම මෙහෙයුම් ආන්තිකයන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

2022 වසරේදී මුහුණ දීමට සිදු වූ අභියෝග ජයගනිමින් රට ඉදිරියට යන අතරතුර මෙම ආන්තිකයන් වඩාත් යහපත් වනු ඇති බවටයි සමාගම විශ්වාසය පළ කරන්නේ.

COPE කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද ආකාරයට, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මුහුණ දීමට සිදු වූ ඇති ප්‍රධානතම අභියෝග වන්නේ, රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය පහසුකම් සම්බන්ධ වියදම් අධික ලෙස ඉහළ යාම යන ගැටලු බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39