spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන ඇමතිතුමා දකින සුබ සිහිනය…

ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටිනවා.

හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගුවන් සේවය රුපියල් බිලියන 315ක ණය ප්‍රමාණයක් දැරීම මීට ප්‍රධානතම හේතුව බවයි.

ඔහු මේ අදහස් දක්වා තිබෙන්නේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමය සමග පැවති හමුවකදීය.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් සිදුනොවන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවක් ගෙන එන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගුවන් සේවයේ පාලනාධිකාරියට විශේෂයෙන් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?