ශ්‍රී පාද වන්දනාවේ ගිය ඉන්දියානුවෙක් ප්‍රපාතයට ඇද වැටී අනතුරකට ලක්වෙයි

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ දී ආරක්ෂිත වැටෙන් මීටර් 100ක් පමණ ප්‍රපාතයට ඇද වැටී සිටි විදෙස් ජාතිකයෙක් ඉන් මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි ඉන්දීය ජාතික 25 හැවිරිදි තරුණයෙක්.

මෙම ඉන්දීය ජාතිකයා තවත් පිරිසක් සමඟ රත්නපුර – ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රී පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර අද (29) දින අලුයම 4.45 ට පමණ මොහු මෙම අනතුරට ලක්ව ඇති බවයිඕ වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා මුදාගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔහුව ශ්‍රී පාද උඩ මළුවට රැගෙන ගොස් එහි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18