spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී පාද වන්දනාවේ ගිය ඉන්දියානුවෙක් ප්‍රපාතයට ඇද වැටී අනතුරකට ලක්වෙයි

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ දී ආරක්ෂිත වැටෙන් මීටර් 100ක් පමණ ප්‍රපාතයට ඇද වැටී සිටි විදෙස් ජාතිකයෙක් ඉන් මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි ඉන්දීය ජාතික 25 හැවිරිදි තරුණයෙක්.

මෙම ඉන්දීය ජාතිකයා තවත් පිරිසක් සමඟ රත්නපුර – ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රී පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර අද (29) දින අලුයම 4.45 ට පමණ මොහු මෙම අනතුරට ලක්ව ඇති බවයිඕ වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා මුදාගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔහුව ශ්‍රී පාද උඩ මළුවට රැගෙන ගොස් එහි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?