ශ්‍රී නගර් හි පැවැත්වෙන G-20 ක්‍රියාකාරී කමිටු රැස්වීමෙන් කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට පිටුබලයක්

සංචාරක ව්‍යාපාරය පිළිබඳ  G-20 ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වන රැස්වීම ශ්‍රීනගර් හිදී  ආරම්භ වුණේ  කාශ්මීරයේ සුන්දරත්වය ලොවට පසක් කරමින්.

එය සංවිධාන වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සමුළුවේ සභාපතිත්වය දරණ පසුබිම යටතේයි.

ඉන්දියානුවන් කාශ්මීරය සලකන්නේ පෘථිවියේ ඇති සුන්දරම ස්ථානවලින් එකක් ලෙසයි.

එහි සංස්කෘතිය, කලා ශිල්ප, සමාජීය තත්ත්වය, සංගීතය, ආහාර පිසීම සහ හස්ත කර්මාන්ත ආදියෙන්  මූර්තිමත් කෙරෙන්නේ කාශ්මීරයේ ඇති අද්විතීය බවයි.

කාශ්මීරයේ ඇති ශාක හා සත්ත්ව විශේෂ, වැල්, විල් සහ උල්පත් එහි විස්මිත ස්වභාවය සහ සන්සුන් බව කියා පානවා.

කාශ්මීර රෙදිපිළි යනු ඉන්දියාවේ බහුත්ව සංස්කෘතියේ ඇති ලස්සනම වර්ණවලින් සුසංයෝග වූවක්.

G-20 ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  කාශ්මීරයේ ශ්‍රී නගර් තෝරා ගන්නේ G-20  නියෝජිතයින්ට ඉන්දියාවේ මෙම සුන්දර කොටස පිළිබඳ පූර්ණ හැඟීමක්  සහතික කිරීම සඳහා බව විචාරක මතයයි.

ක්‍රියාකාරී කමිටු රැස්වීමෙන් පසුව විදේශීය නියෝජිතයින් ගුල්මාර්ග් හි ස්කී රිසෝට් වෙත සංචාරයක් සඳහා රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

G-20 සංචාරක සමුළුවට ආගන්තුක රටවලින් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයකින් බොහෝ නියෝජිතයින් සහභාගී වී සිටීම කැපී පෙනෙනවා.

ජම්මු කාශ්මීර ප්‍රදේශයට අදාලව පැවැති 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසුව එම ප්‍රදේශය සාමය අතින් යථා තත්ත්වයට පත් කර ඇති හෙයින් මේ වනවිට එම ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම ඉහළ ගොස් තිබෙනවා.

සොබාදහම සහ පාරිසරික සංචාරක, සංස්කෘතික සංචාරක, ක්‍රීඩා සඳහා ලෝකයේ ඇති සුන්දරම සංචාරක නිකේතනයක් ලෙස කාශ්මීරය ප්‍රකටව තිබීම ඊට හේතුවයි.

විචාරකයින් පෙන්වා දෙන්නේ මෙවර G-20 සංචාරක සමුළුව ශ්‍රී නගර් හි පැවැත්වීම සංචාරක ආකර්ෂණය තවත් ඉහළ ඉහළ නැංවීමට හේතුවක් වී ඇති බවයි.

මෙවර G-20 සංචාරක සමුළුවට සමගාමීව සිදු කෙරෙන එක් ප්‍රධාන සාකච්ඡා පැතිකඩක් වන්නේ  චිත්‍රපට සංචාරක කර්මාන්තය ඉස්මතු කිරීමයි.

කාශ්මීරය දුර්ලභ දර්ශනීය සුන්දරත්වයකින් සහ සොබාදහමේ මහිමය මධ්‍යයේ රූගත කිරීම් සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්ට අලංකාර ස්ථාන කිහිපයක්ම ලබා දෙන ප්‍රදේශයක්.

එය චිත්‍රපටවල, විශේෂයෙන් ආදර කතාවල වටිනාකම සහ ආකර්ෂණය වැඩි කිරීමටද හේතුවක් වනු ඇති බවටයි මත පළ වන්නේ.

චිත්‍රපට සංචාරක ඉසව්ව පිටුපස ඇති එක් අදහසක් වී ඇත්තේ පැමිණෙන නියෝජිතයින්ට රූගත කිරීම් සඳහා ඇති සුන්දර ස්ථාන ප්‍රදර්ශනය කිරීමයි.

මෙමගින් සංචාරක ව්‍යාපාරයට ප්‍රබෝධයක් ලැබෙන අතර ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගැනීමට ඉන්දියාව සමත් වන බව විචාරකයින් පෙන්වා දෙනවා.

ඊට අමතරව මෙම G-20 ක්‍රියාකාරී කමිටු, 2019 වසරෙන් පසු ජම්මු සහ කාශ්මීරයේ පැවැති පළමු ප්‍රධාන ජාත්‍යන්තර රැස්වීම ලෙසත් ඉතිහාසයේ සනිටුහන් වනු ඇති.

තුන්වන G-20 රැස්වීම පැවැත්වෙන ස්ථානය වැදගත් වන්නේ පකිස්ථානය විසින් ප්‍රචාරය කරන ලද අසත්‍යය සහ මිථ්‍යාව අමූලික බොරු බවට නියෝජිතයින්ට සියුම් අත්දැකීමක් ලබාගැනීමට එය උපකාරී වන බැවින් බව විචාරක අදහසයි .

පකිස්ථානය විසින් කාශ්මීරයේ කොටසක් අත්පත් කර ගැනීම නීති විරෝධී බවත්, ඉන්දීය රජය විසින් අනුගමනය කරන දැවැන්ත ආයෝජන සහ සංවර්ධන කටයුතුවලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කාශ්මීරය සම්පූර්ණ භෞමික අඛණ්ඩ පැවැත්මක් බවට පත් කිරීම සඳහා එය නැවත ඉන්දියාවට භාර දිය යුතු බවට ඉන්දියාව දිගින් දිගටම කරන ප්‍රකාශය ලොවට පැහැදිලි කිරීම සඳහාත් මෙය අවස්ථාවක් කර ගනු ඇති බවට ද ඔවුන් මත පළ කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34