spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය සිදුකෙරේ

නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වූ “අලුත් සහල් මංගල්‍යයයේ” අලුත් සහලින් පිසූ බුද්ධ පූජාව ශ්‍රී දළදා සමිඳු අභියස පූජා කිරීම ඊයේ (06) චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු කෙරුණා.

වාර්ෂිකව දළදා මාලිගාවේ දී මංගල්‍යයන් හතරක් සිදු කෙරන අතර, ඉන් ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයයි.

ඉන් පසු පිළිවෙළින් අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය පැවැත්වෙනවා.

දළදා මාලිගාවට අයත් කුඹුරුවලින් නෙළාගන්නා ප්‍රථම අස්වැන්න පෙරහැරින් දළදා මාලිගාවට රැගෙන විත් දළදා සමිඳු උදෙසා පූජා කිරීම සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින සිදු කෙරෙන්නේ රජ සමයේ පටන් පැවත එන චාරිත්‍රවලට අනුකූලවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?