ශ්‍රීලනිප ප්‍රබලයෙක් පක්ෂය හැර යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුත්සාෆා එම පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ ලිපිය නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (15) පස්වරුවේ පැවති සාකච්ඡාවක් අතරතුර ෆයිසර් මුත්සාෆා එම ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.