ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස,

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
මූල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල්
ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් විශේෂඥ දුමිත් ප්‍රනාන්දු මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු,
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු හෝ නියෝජිත
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා
ආයතනික, ගුවන් සේවා, මහජන නීතිය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයන්,
ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන්
පත් කෙරෙනු ඇති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ දෘෂ්ටිකෝණයන් සැලකිල්ලට ගනිමින්, පුළුල් උපායමාර්ගික සමාලෝචනයක් සිදු කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා.

මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින්, මුල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමයි.

ඒ අනුව, ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation – IFC) ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කමිටුවක් පිහිටුවීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙනවා.

I. උපායමාර්ගික දෘෂ්ටිකෝණය සහ අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහ ඇගයීමක් කිරීමත්,
II. ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා සහ විකල්ප ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘති පිළිබඳ නිර්දේශ ලබා දීමත්,
III. නිශ්චිත උපායමාර්ගික විකල්ප ඇගයීමක් සහ රජයේ සමස්ත අරමුණු සමග සමානව ගැළපෙන වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමත්,
IV. ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරනු ලබන තෝරාගත් උපායමාර්ගය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා අධීක්ෂණය, මාර්ගෝපදේශනය සහ සහාය ලබාදීමත්
මෙම කමිටුවට පැවරී තිබෙනවා.

මෙම කමිටුව උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින කාලසීමාව තුළ හෝ ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියාත්මකවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59