spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට මාස 06ක් කල්දෙයි

රජයෙන් ලබාදුන් ඩොලර් 510ක මූල්‍ය සහනය සමඟ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහි පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

අද (11) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එබැවින් එම මාස 06 තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇතිකර ගතයුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බව ද අමාත්‍යවරයා පැවසූ බව සඳහන්.

12 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?