ශ්‍රි ලංකාවේ පාසල් ලමුන් වෙනුවෙන් චීනයෙන් තවත් දැවැන්ත ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.මෙම රෙදි තොගය 2023 වසරේ අවශ්‍යතාවෙන් සියයට 70 කට ප්‍රමාණවත් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්