spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රමදානය මැද්දේ ප්‍රින්සිපල්ට ගහලා

ශ්‍රමදානයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසුව විදුහල්පතිවරයෙකුට සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දඹදෙණිය සාරභූමි විදුහලේ විදුහල්පතිවරයා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (01) දිනයේ පාසලේ ශ්‍රමදානයක් පවත්වා ඇති අතර, ඒ සඳහා පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ මව්පියන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රමදානය පැවැත්වෙන අතර තුර එයට සහභාගී වෙමින් සිටි අයෙකු සහ විදුහල්පතිවරයා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ගිරිඋල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?