ශෂීන්ද්‍රටත් කළු කොඩි එසවෙයි – චාමරට බිත්තර ප්‍රහාරයක්

ඇඹිලිපිටිය – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ පැවැති රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ රැස්වීමකට බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පැමිණීමේ දී උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා.

මෙම උත්සවයට ශෂින්ද්‍ර රාජපක්ෂගේ පැමිණීම සම්බන්ධයෙන් ද කළු කොඩි ඔසවා විරෝධතාවයක් සංවිධානය කර තිබීම හේතුවෙනුයි රාජ්‍ය අමාත්‍යවරයා එම උත්සවය මඟ හැර ඇත්තේ.

කෙසේ වෙතත්, බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් එම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ඔහුට ද උත්සව භූමිය තුළදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන්, සහතික පත්‍ර ලබා දීමේ කටයුත්තටත් නොසිට ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි, මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරින් කටයුතු කර තිබුණේ.

ඔහු උත්සව භූමියෙන් ඉවතට පැමිණෙද්දි එම උත්සවයට පැමිණ සිටි පිරිස මන්ත්‍රීවරයා ගමන් ගත් රථය හරස් කර එයට විරෝධය දක්වා ඇති අතර බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකෝපකාරී පිරිස් අතරින් මන්ත්‍රීවරයා රැගත් ජීප් රිය ගමන් ගනිද්දී ඔහුට දැඩි හූ හඬක් ද එල්ල වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
151
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45