ශලනි වේදනාවෙන් අවසන් තීරණය ගනී

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය තමන්ගේ යූ ටියුබ් නාලිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් කොරෝනා අසාදිත වෙලා සුව වීම දක්වා තමන්ගේ අත්දැකීම් ලෝකයාට පවසලා තිබුණා. ඇත්තෙන්ම ඒ මොහොතේත් ඇය කතා බහ කලේ ඉතාම අපහසුවෙන්. ඉතින් ඒ වගේම මේ වීඩියෝව හරහා ඇය ඉතාම වැදගත් තීරණ කීපයක්ම ගත් බව සමාජය දැනුවත් කරලා තිබුණා.

ඉතින් ඇය එහිදී පවසලා තිබුණු දෙයක් තමයි තමන්ගේ ජීවිතේ වටිනාකම දැනෙන්නේ තමන්ට මිසක් වෙන කිසිවෙකුට නොවන බව. ඒ නිසා අනිත් අයට බනිමින් ඉන්නවට වඩා තමන්ගේ පරිස්සම ගැන තමන් වගබලාගැනීමයි කල යුත්තේ කියන කරණය ඇය තරව පවසලා තිබුණා. ඒ වගේම තමයි ඉතාමත්ම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් ඇය රූපගත කිරීමකට යාමේදී පවා ගෙදරින්ම කෑම එක, කෝප්ප පිඟන් පවා රැගෙන ගිය කෙනෙක් බවත් එසේ සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාමත් හොඳින් ප්‍රවේසම් වෙලත් තමන්ටත් මේ රෝගය වැළදුන බවත් ඇය වැඩිදුරටත් පවසලා තිබුණා.

ඒ නිසා මේ රෝගයේ තියන අවදානම කොතරම්ද කියන දේ ජනතව දැන්වත් තේරුම් ගත යුතුයි කියන කාරණයයි ඇය වඩාත් අවදාරණයෙන් යුතුව පවසලා තිබුනේ. රෝගය සුව අතට පත්වෙමින් තිබුනත් තවමත් හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වන බවත් ඇය පවසලා තිබුණා. ඒ වගේම තමයි රංගන ශිල්පිනියක් ලෙස තමන්ට ජීවිත් වීමට මුදල් අවශ්‍ය වුනත් තමන්ට මහා පරිමානෙන් මුදල් නැති වුනත් මේ මොහොතේ ගත යුතු වැදගත්ම තීරණයක් ඇය ගන්නවා කියන දේත් ශලනි තාරකා මෙහිදී පවසලා තිබුණා. ඉතින් ඒ වගේම ඇය රංගනයට ටික කාලකෙට සමු දෙනවා කියලත් ඇය එහිදී පවසලා තිබුණා. මේ වෙද්දිත් ඇය රංගනයෙන් දායක වෙන චලෝ සහ සිහින ගෙනෙන කුමරියේ නාට්‍ය කණ්ඩායම් වෙත තමන් රංගනයෙන් ඉවත් වෙන බවට දැනුම් දීමක් සිදු කරලා තියන බවයි ඇය පැවසුවේ. මේ මොහොතේ රංගන ශිල්පීන් වෙනුවෙන් කිසිවෙකුත් ඒ තීරණය නොගන්නේ නම් තමන් තනි තනිව ඒ තීරණය ගත යුතු බවත් ජීවිතයට ආදරය කරන කෙනෙක් එය ගත යුතුම තීරණයක් බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පවසලා තිබුණා. කොහොම නමුත් මෙම වෛරස තත්වය සමනය වන තුරු ඉදිරියේදී තමන් කිසිදු රංගන කටයුත්තකට සහභාගි නොවන බවයි ඇය වැඩිදුරටත් පවසලා තිබුනේ.

  1. ඇත්තටම පවු මේවෙලාවේ කොරෝනා වලින් පීඩාවිදින ඔයාලා සියලුම දෙනාව ජේසු සුවපත් කරනවා විශ්වාසෙන් ඉන්න පරිස්සමින් ඉන්න

  2. The reason for this rapid spread of Covid is obvious. All those idiots who went on ‘demonstrations’ disregarding health advice are responsible. JVP/SJB and tin pot Union leaders must take the full responsibility for this situation. Srangely they are the very ones now clamouring for a ‘Lock down’ !!! That was their reason for the politically motivated mob demonstrations then, eh ? To create chaos for the govt even at the cost of lives of the masses was their decision. JVP/SJB have always been keen on seeing dead bodies all over the place. It’s in their DNA !

  3. mey Covid rallata mulu maninma waga kiwa yuththe JVP saha SJB ‘udgoshana’ kalliyayi. Rajaya apahasu kireemata mewani welawak thora gaththeth janathawata maranaya genath deela aanduwata dos pawareematayi. JVP saha SJB kawadath minee godawal dakinna kamathiyi. dan boruwata ‘lock down !’ kiyala kegahanawa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12