ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල එංගලන්තය පරදවයි

ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මීට සුළු වේලාවකට පෙර සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි.

එංගලන්ත පිල‌ වෙනුවෙන් නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනත් ජයසූරිය පන්දුවාර 4කදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ඔහුගේ එම පන්දුවාර 4න් පන්දුවාර 2ක්ම නිපන්දු පන්දුවාර වන අතර, සනත් විසින් ලබාදුන් ලකුණු සංඛ්‍යාව 3කි.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පන්දුවාර 14යි පන්දු 3කදි කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 79 ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් විය.

උපුල් තරංග ලකුණු 23ක් රැස්කර ගත් අතර, ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.

නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15යි.

නොදැවී පන්දුවට පහරදුන් ජීවන් මෙන්ඩිස් ලකුණු 8යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55