ශරීරයේ තුවාල සහිත කාන්තා මළසිරුරක් බොරළු වළකින් සොයා ගැනේ

මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුළ කාන්තා මළසිරුරක් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මරණකාරිය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති කාන්තාවක් බවයි.

මෙම කාන්තාව මරණයට පත් වන විට ගවුමක් සහ ලෙගින් වර්ගයේ කලිසමක් හැඳ සිටි බවත් මෘත ශරීරයේ තුවාල නිරීක්ෂණය වන බැවින් එය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42