ශම්මි ගොනු කළ රිට් පෙත්සම අදත් යළි කැඳවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිත ව තිබෙනවා.

ඒ සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

ඊයේ දිනයේ දී මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ක්‍රීඩා පනතේ 32 වන වගන්තිය යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීම සඳහා අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බලය ඉතා සීමිත බවයි.

ජාතික ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා සංවිධානය වෙත නොතීසි ලබාදිය යුතු අතර එම නීතිමය ප්‍රතිපාදනය අමාත්‍යවරයා අනුගමනය කර නොමැති බව ද අධිකරණයට දැනුම්දුන්නා.

ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණයට පත් කළ කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිනොගන්නා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රාජ්‍ය හෝ දේශපාලනික මැදිහත්වීමක් සිදු වනවාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ නොවූ බවත් ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට සඳහන් කළා.

මේ ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අවස්ථා ගණනාවක දී ම අනිසි මැදිහත් වීම සිදු කර ඇති බවත්; එවැනි ක්‍රියා නොකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගට ම අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබුණු බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කරන ලද අත්තනෝමතික මැදිහත් වීම මෙරට ක්‍රිකට් තහනමට ප්‍රධාන හේතුවක් බවත් අධිකරණය හමුවේ දී කියා සිටියා.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග සදහා සහභාගි වීමට මේ වන විට අවසර ලැබී තිබෙනවා. ” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි ව මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබී නොමැති බවයි.

මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ ඉගලහේවා සඳහන් කළේ, මෙම නඩුවේ වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණය ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අතර ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉකුත් 05 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් සිදු වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණක් බව
ද අධිකරණයට සඳහන් කළා.

විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රශ්නයක් යොමු කරමින් ” ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටවූ පසු අතුරු පාලක කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාට බලයක් තියෙනවා” දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික සංවිධානයක් නිසා ලියාපදිංචිය අත්හිටුවීමට අමාත්‍යවරයාට බලය තිබෙන බවයි.

ඒ අනුව ලියාපදිංචිය අත්හිටවූ පසු ක්‍රීඩා පනත යටතේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට පූර්ණ බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පවතින අසීමිත දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් එහි පාලකයින් ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුව පවා ඒකමතික ව යෝජනාවක් සම්මත කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට සඳහන් කර සිටියා.

මෙසේ විභාග කෙරුණු පෙත්සමයි අද දිනය තෙක් කල් තැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23