ශතකයකින් අවසන් කළ මිචෙල්ගේ සුපිරි ඉනිම

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට නවසීලන්ත මැදපෙළ පිතිකරු ඩැරල් මිචෙල්ට අද (11) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හිදී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ පන්දු 187 කට මුහුණ දෙමින් මිචෙල් මෙම ශතකය රැස්කර ගත් අතර, ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

කඩා වැටෙමින් තිබූ නවසීලන්ත ඉනිමට මුක්කුවක් ගසන්නට මිචෙල්ගේ මෙම ශතකයට හැකියාව ලැබුණු අතර, ලකුණු 102ක් ලබාගෙන සිටි ඔහු ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ නවසීලන්ත 08 වන කඩුල්ල ලෙස දැවී ගියා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 355ට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩාකරන නවසීලන්තය කඩුලු 08ක් දැවී ලකණු 291ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48