වෝර්නර් සහ මාර්ෂ් පළමු කඩුල්ලට ශක්තිමත් ශතකයක සබඳතාවක් ගොඩනගති

පාකිස්ථානයට එරෙහි ව මේ වනවිට බැංග්ලෝර් හි දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන් දෙපළ වන ඩේවිඩ් වෝර්නර් සහ මිචෙල් මාර්ෂ් එක් ව පළමු කඩුල්ලට ශක්තිමත් ශතකයක සබඳතාවක් ගොඩනගා ගැනීමට සමත් ව සිටිනවා.

අද පස්වරු 02ට කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණයේ අවස්ථාව ඔස්ට්‍රේලියාව වෙත පිරිනැමීමටයි අසාම් තීරණය කළේ.

ඒ අනුව පිටියට පැමිණි ආරම්භක පිතිකරු වන ඩේවිඩ් වෝර්නර් සිය ජාත්‍යන්තර එක්දින පිටියේ 32 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට ද සමත් වුණා.

ඊට වැය වූ පන්දු ගණන 38ක්.

වෝර්නර්ගේ අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වුණා.

ඊට අනගි සහායක් ලබාදෙමින් පිටියෙහි අනෙක් පස රැඳී සිටිමින් මිචෙල් මාර්ෂ් ද විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගත්තා.

මාර්ෂ් අද පසුකර ගියේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 19 වැනි අර්ධ ශතකයයි.

ඊට දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

මාර්ෂ්ගේ ලකුණු 50 ලබා ගැනීම පන්දු 40ක් තුළ දී සිදු වුණා.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී ඇති ලකුණු සබඳතාව ලකුණු 122 ක්.

ඒ පන්දු 87කදියි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන්නේ 14 වැනි පන්දු වාරය යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14