spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෝන්ගේ දේහය අද මෙල්බර්න් නුවරට

අභාවප්‍රාප්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ දේහය තායිලන්තයේ අගනුවර වන බැංකොක් වෙත රැගෙනවිත් තිබේ.

තායිලන්ත පොලීසිය සඳහන් කර තිබුණේ ඔහුගේ දේහය අද මෙල්බර්න් නුවරට රැගෙන යාමට නියමිතව ඇති බවය.

ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් වු පශ්චාත් මරණ පරීක්ෂණය තායිලන්තයේ පෞද්ගලික රෝහලක සිදු කර ඇති අතර තායිලන්ත පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිගමනය කර ඇත්තේ ඔහුගේ මරණය ස්වාභාවික හේතූන් මත සිදුවුවක් බවය.

මේ අතර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් විසින් කළ ප්‍රකාශයක් සමඟ එරට ඔහුට විරුද්ධව රැල්ලක් ඇතිවී තිබේ.

ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ෂේන් වෝන් නොව මුත්තයියා මුරලිදරන් බව පැවසීමත් සමඟ ඔහුට මෙම විරෝධය පැනනැගී ඇත.

එම ප්‍රකාශය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?