වොෂින්ටනයේ දී දීපවාලි සැමරේ (ඡායාරූප)

අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ දී දීපාවලී උත්සවය පවත්වා තිබෙනවා.

අමෙරිකාවේ ශ්‍රී ලංකානු තානාපති කාර්‍යාලයේ තානාපති මහින්ද සමරසිංහගේ මගපෙන්වීම යටතේයි මෙම උත්සවය සැමරීම සිදු කර ඇත්තේ.

එය ඊයේ දිනයේ දී සිදු කර තිබෙනවා.

මෙම ආගමික උත්සවය ස්වාමි සිව ශ්‍රී සිවනාථ කුරුක්කල් විසින් මෙහෙයවනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම උත්සව අවස්ථාවට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා.