වෛරසය පැතිරුනේ වූහාන් නගරයෙන්ද?

2019 වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමට පෙර චීනයේ වූහාන් නගරයේ වෛරසය පැතිර තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.වූහාන් නගරයට පැමිණ කොවිඩ් වෛරසයේ ආරම්භය පිළිබඳව මාසයකට වැඩි කාලයක් පර්යේෂණ වල නිරත වූ විශේෂඥ කණ්ඩායම මෙම නිගමණයට එළැඹ තිබෙනවා.මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 107,094,121ක් ලෙසයි.එසේම සමස්ත මරණ සංඛ්‍යාව 2,338,480ක් ලෙසයි සටහන් වන්නේ.

එසේම මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 571 දෙනෙකු අද හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛයාව 70,806ක් දක්වා ඉහළ ගියා.පුද්ගලයින් 912 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 65,053ක් ලෙසයි.මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ පැසැල් සිසුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු අධ්‍යාපනය ලැබු පාසැලේ සිසුන් 71 දෙනෙකු හා ගුරුවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර මොනරාගල – විහාරමුල්ල සිරි සුමන පිරිවනේ දානමය පිංකමකට සහභාගී වූ 09 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පිරිවනේ භික්ෂුන් වහන්සේ 12 නමක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.ආසාදිතයින් අතර සිටි පාසැල් ශිෂ්‍යාවක අධ්‍යාපනය ලබන පාසැලේ උසස් පෙළ අංශයේ සිසුන් හා ගුරුවරුන්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.ගම්පහ පොදු වෙළෙඳපොලේ වෙළෙඳුන් සඳහා අද සිදුකළ කොවිඩ් පරීක්ෂණ වලින්ද ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම වෙළෙඳපොලෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් 40 දක්වා ඉහළ ගියා.මේ අතර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති වලට පටහැනිව සංවිධාන කෙරෙන විවිධ සාද පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.මේ අතර කොවිඩ් වසංගතය හමුවේ මෙරට සිනමා කර්මාන්තයට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකිරීම සඳහා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකයින් පිරිසක් ඊයේ පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09