වෛරසය ගැන හොඳටම දන්නා මිනිහා ආණ්ඩුවේ නිකම්ම නිකම් මන්ත්‍රී

වෛරස වේදය පිළිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයා ආණ්ඩුවේ නිකම්ම නිකම් මන්ත්‍රී බව පොදු ජන පෙරමුණ මැද පෙළ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කරනවා.

ඒ මන්ත්‍රීවරයා මහාචාර්ය තිස්ස විතාරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උගතුන්ගෙන්වැඩක් ගන්නේ නැහැ

කොවිඩ් – 19 වෛරස තත්ත්වය මේ වන විට දරුණු අතට හැරී ඇති පසුබිමක ආණ්ඩුව තුලම සිටින වෛරසය පිළිබඳ විෂය අවබෝධය ඇති මෙවන් උගතුන්ගෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් නොගැනීම අවාසනාවකට වඩා බරපතළ ඛේදවාචකයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ 4 වැනි පේළිය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකුද වන මෙම මන්ත්‍රීවරයා නම හෙළි නොකිරීමේ එකඟතාවය මත මේ බැව් හෙළිදරව් කළේ අදාළ මන්ත්‍රීවරයාට තිබෙන සුදුසුකම්ද පෙන්වා දෙමින්.

මන්ත්‍රීවරයා සතු සුදුසුකම්

1971 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛරස භේදය පිළිබඳ ආචාර්ය උපාධියත් , 1983 – 1994 කාල වකවානුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලෙසත් , 1972 – 1994 කාල වකවානුවේ වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේද අංශ ප්‍රධානියා ලෙසත් , 1980දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ රෝහලේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙසත් , 1991 – 1993 ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ආසාදන සහ ආසාත්මික පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් , 1995 – 2000 කාල වකවානුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙසත් මහාචාර්ය තිස්ස විතාරණට විෂය අවබෝධය මෙන්ම අත්දැකීම් තිබෙන බව පෙන්වා දෙනවා.

වෛරස විෂය පිළිබඳ මේ සා අත්දැකීමක් ඇති මහාචාර්ය තිස්ස විතාරණ නිකම්ම මන්ත්‍රී වෙද්දී විෂය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති නීතිඥවරියකට සෞඛ්‍ය අංශය භාර දී තිබෙන බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

තොරතුරු දුන් මන්ත්‍රීත් කලකිරීමෙන්

තොරතුරු දුන් මන්ත්‍රීත්  කලකිරීමෙන්ඒෂියන් මිරර් වෙත මෙම තොරතුරු හෙළිදරව් කළ මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයාද තමන්ගේ දැනුමෙන් ආණ්ඩුව වැඩක් නොගැනීම ගැන සිටින්නේ බරපතළ කලකිරීමකිනි.

මහාචාර්ය තිස්ස විතාරණද තමා දන්නා විෂයෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් නොගන්නා බවත් තමාව කොවිඩ් මර්දන සම්බන්ධයෙන් වූ කිසිම සාකච්ඡාවකට කැඳවා නැති බවද මීට පෙර ප්‍රසිද්ධියේම කිහිප වතාවක්ම ප්‍රකාශ කොට තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30