වෛද්‍ය ෂාෆිගේ හිඟ වැටුප් ගැන ගන්නා තීරණය

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

එම ලිපිය මඟින් අනාවරණය කර තිබුණේ ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි එම පෙත්සම කැඳවනු ලැබීය.

තමන්ට අදාළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ෂාෆි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් විරෝධය පළ කර තිබුණි.

එහෙත් එම ඉල්ලීමට විරුද්ධ වන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 31 වන දා තෙක් කල් දැමුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24