වෛද්‍ය පීඨ සිසුන්ට මරදානේදී ජල ප්‍රහාරයක් – 21ක් අත්අඩංගුවට (වීඩියෝ)

විරෝධතා පා ගමනක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. විරෝධතාවට එක් වූ 21 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මරදාන හන්දියේ සිට පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විරෝධතාවයේ පැමිණි සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් ඇතුළු ශිෂ්‍ය සංගම් විසින් ආරම්භ කළ පා ගමන මරදාන පොලිසිය ඉදිරිපිට දී පොලිසිය විසින් නතර කර තිබුණා.

එම ස්ථානයේ විරෝධතාකරුවන් පොලිසිය විසින් නවත්වා ශිෂ්‍ය සංගමයේ 5 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමට සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් සාකච්ඡා කිරීමට ඉඩ ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුවයි වෛද්‍ය ශිෂ්‍යයින් මරදාන පොලිසියඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ.

ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14