spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍ය පීඨ සිසුන්ට මරදානේදී ජල ප්‍රහාරයක් – 21ක් අත්අඩංගුවට (වීඩියෝ)

විරෝධතා පා ගමනක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. විරෝධතාවට එක් වූ 21 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මරදාන හන්දියේ සිට පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විරෝධතාවයේ පැමිණි සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් ඇතුළු ශිෂ්‍ය සංගම් විසින් ආරම්භ කළ පා ගමන මරදාන පොලිසිය ඉදිරිපිට දී පොලිසිය විසින් නතර කර තිබුණා.

එම ස්ථානයේ විරෝධතාකරුවන් පොලිසිය විසින් නවත්වා ශිෂ්‍ය සංගමයේ 5 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමට සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් සාකච්ඡා කිරීමට ඉඩ ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුවයි වෛද්‍ය ශිෂ්‍යයින් මරදාන පොලිසියඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ.

ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?